ඉදිරි වර්ෂ දෙකක කාලය වෙනුවෙන් ඩොලර් බිලියන එකහමාරකට ආසන්න මුදලක් මෙරටට පිරිනැමීමට ලෝක බැංකු නියෝජිතයන් එකඟතාව පළ කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලද විගස මෙම මුදල් වෙන් කරන බවටත් එහි පළමු කොටස විගසින් මුදාහරින බවටත් ලෝක බැංකු නියෝජිතයන් පොරොන්දු වී ඇත.
ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය භාර උප සභාපති මාර්ටින් රේසර් ඇතුළු නියෝජිත පිරිස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ඇතුළු මෙරට නියෝජිතයන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉකුත් සතියේ පැවති සාකච්ඡාවේදී මෙම එකඟතාව පළ වී තිබේ.
මූල්‍ය විනයක් ඇති කිරීමට රජය කටයුතු කිරීම සම්බන්ධයෙන් සතුට පළ කර ඇති ලෝක බැංකු නියෝජිතයන්, එම කටයුතු තවදුරටත් ඉදිරියට ගෙන යාමට අවශ්‍ය තාක්ෂණික සහය දෙන බවට ද පොරොන්දු වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ ය.