ලෝක බැංකුවක් එක්ක එකතු වෙලා හොරු අල්ලනවා…! – ජනපති…

February 8, 2023 at 2:19 pm | by emanisa.lk

දූෂණය මැඩලීම සඳහා පනතක් ගෙන ඒමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, 9 වන පාර්ලිමේන්තුවේ සිව් වන සැසි වාරයෙ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමිනි.

ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග එක් වී සොරකම් කළ වත්කම් යළි සොයා ගැනීමට අදාළ ප්‍රතිපාදන එම පනතට ඇතුළු කිරීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා එහිදී පැවසීය.

“ලෙඩා ගොඩ ගත් වහා ම තවත් පියවරක් ගන්නවා. තවත් මෙවැනි අර්බුදයක් ඇතිවීමට ඇති සියලු ඉඩකඩ අහුරා දැමීම. මේ අරමුණින් අපි දූෂණය මැඩලීමේ පනතක් ගෙන ගෙන එනවා.

ලෝක බැංකුව සහ එක්සත් ජාතීන් සමග එක්ව සොරකම් කළ වත්කම් යළි සොයා ගැනීමේ ප්‍රයත්නය මේ පනතට ඇතුළු කරන්න අපි පියවර ගන්නවා. ඒක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසියක්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *