ලෝකෙට ම එකයි කී කෘෘඩියා සෙලනිකා තවත් තැන් හතක….! දේවානිගේ සටන මාධ්‍ය සංදර්ශනයක් විතරයිලු….!

February 10, 2021 at 9:38 am | by emanisa.lk

ලෝකයටම ඇත්තේ එකම ශාකයක් යැයි කියූ කෲඩියා සෙලනිකා ශාකය තවත් ස්ථාන 07ක දැනට හඳුනා ගෙන ඇති බවට ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව හා පේරාදෙණිය රාජකීය උද්‍යානය තහවුරු කර ඇත.

මීට ප්‍රථම එම ශාකය ඇත්තේ මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු කොටසේ දාරළුව දුම්රිය ස්ථානය අසල පමණක් බව මාධ්‍ය වාර්තා කර තිබූ අතර දේවානි ජයතිලක එක බේරා ගැනීමට තනි සටනක නිරත වන බව ද ප්‍රකාශ විය.

දේවානි ජයතිලක නම් වූ එම වන අඩවි නිලධාරිනිය තනි සටනක නිරත වන බවට මධ්‍ය ආයතන අල්ලාගෙන බොරු මාධ්‍ය සංදර්ශනයක නිරත වන බවද උද්භිත විද්‍යාඥයෝ පවසති.

මෙහි දී ගහ රැක ගැනීමට තනි සටන් අවශ්‍ය නැති බවත් පරිසර අමාත්‍යාංශය මෙන්ම රජය ද මෙම ශාඛය රැක ගැනීමට උනන්දු වන බවත් එම වර්ගයේ ම තවත් ශාඛ ඇති බවත් ඔවුහු වැඩි දුරටත් පවසති.

එම නිසා මාධ්‍ය සංදර්ශන නොකර මෙම ශාඛය ඇති නිශ්චිත ස්ථාන හරියටම හඳුනා නොගෙන ජනතාව නොමග නොයවන ලෙස උද්භිත විද්‍යාඥයින් ඉල්ලා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *