ලොව පුරා ආහාර මිල දස වසරක ඉහළ ම අගය වාර්තා කරයි….!

November 9, 2021 at 10:32 pm | by emanisa.lk

ලොව පුරා ආහාර මිල මේ වන විට දස වසරක ඉහළ ම අගයට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය පවසයි.

පසුගිය වසර තුළ දී පමණක් මෙලෙස ආහාර ද්‍රව්‍ය මිල ගණන් සියයට 30කින් ඉහළ ගොස් ඇති බවයි එමඟින් පෙන්වා දෙන්නේ.

විශේෂයෙන් ධාන්‍ය සහ එළවළු තෙල් මිල මෙලෙස කැපී පෙනෙන ලෙස වැඩි වී තිබේ. පසුගිය මාසයේදී පමණක් එළවළු තෙල් මිල සියයට 10 කින් ඉහළ ගියේ වාර්තාගත ලෙස එහි මිල ඉහළ නංවමින්.

සැපයුම් අඩාල වීම, වෙළඳ භාණ්ඩ මිල ඉහළ යාම, කම්හල් වසා දැමීම, දේශපාලන අර්බුද ආදී කරුණු මෙලෙස ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාමට හේතු වී තිබේ.

මේ වසරේ දී ධාන්‍ය වර්ගවල මිල පසුගිය වසරට සාපේක්ෂව සියයට 22 කින් ඉහළ ගොස් ඇති අතර තිරිඟු පිටි මිල පසුගිය මාස 12 තුළ සියයට 40 කින් පමණ ඉහළ යාම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *