මීගමුව ධීවර වෙළඳ මධ්‍යස්ථානය හෙවත් ලෙල්ලමේ අයිතිය සම්බන්ධ විරෝධය නිසා කතෝලික ධීවර ජනතාව සහ කතෝලික පල්ලි අතර දැඩි මතභේදාත්මක තත්ත්වයක් මතුව තිබේ.
ලෙල්ලමේ අයිතිය කාදිනල්තුමා ලබා ගැනීමට උත්සාහ කිරීමට එරෙහිව ධීවරයින් පිරිසක් පසුගිය දා කොළඹ අගරද ගුරු මැදුර අසල විරෝධයක නිරත වූහ.
අද ඊට එරෙහිව මීගමුව ප්‍රදේශයේ පල්ලි කිහිපයක කළු කොඩි ඔසවා විරෝධය පළ කළ අතර පිටිපන කානික්කා දේවස්ථානය අසල කතෝලික පියතුමන්ලා සහ ජනතාවගේ සහභාගීත්වයෙන් විරෝධතාවක් ද පැවැත්විණි.