ලුණු සංස්ථා සභාපති පුටුව හම්බන්තොට නගරාධිපතිට…!

February 2, 2022 at 10:29 am | by emanisa.lk

නීතීඥ නිශාන්ත සඳබරණ ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ ලංකා ලුණු සංස්ථාවේ සභාපති ධුරය හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දුට ලබාදීමට නියමිත බව වාර්තා වේ.

එරාජ් ප්‍රනාන්දු මෑතක දී ලංකා ලුණු සංස්ථාවේ සභාපතිවරයා සමග ගැටුමක් ඇති කරගත් අතර අවසානයේ ඔහු ලුණු සංස්ථා සභාපති තනතුරෙන් ඉවත් කෙරිණි.

මේ අතර පසුගිය දිනක එරාජ් ප්‍රනාන්දු හම්බන්තොට නියෝජ්‍ය නගරාධිපතිවරයාට ප්‍රකාශ කර ඇත්තේ තමන් පෙබරවාරි 10 වන දා නගරාධිපති තනතුරින් ඉවත් වන බවත් එම තනතුර භාර ගැනීම සඳහා සූදානම් වන ලෙසත් ය.

“චමල් ඇමතිතුමාගෙන් බේරිල්ලක් නෑ ලුණු සංස්ථාව බාරගන්න කියලා. මම බාරගෙන වැඩේ ගොඩදාලා දෙනවා.” යැයි ඔහු නියෝජ්‍ය නගරාධිපතිවරයාට ප්‍රකාශ කර ඇති බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *