ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුළ වංචාවක් සිදුවන්නට යන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් බොරුවක් ප්‍රකාශ කළ බව අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.
පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී සිදුකළ මෙම අසත්‍ය ප්‍රකාශයට තමා ඒ අවස්ථාවේ ම පිළිතුරු ලබා දුන් බවයි, ඔහු සඳහන් කළේ.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිදුකළ ගනුදෙනුවල කිසිදු වංචාවක් නොමැති බවත් මෙවැනි අසත්‍ය ප්‍රචාර සිදු කිරීම පිළිබඳ පොඩි හෝලැජ්ජාවක් ඇත්නම් සමාව ගන්නා ලෙසත් ඇමැතිවරයා, විජිත හේරත්ට දැනුම් දුන්නේය.