ලාල්කාන්තගේ චේතනාව හොඳයි…! හෙදියන් ජිම් යා යුතුයි..! – නාමල් රාජපක්ෂ…

January 19, 2023 at 8:32 am | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බල මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත හෙදියන් ජිම් යා යුතු බවටත් ඔවුන් ලස්සනට සිටිය යුතු බවටත් කළ ප්‍රකාශයෙහි වරදක් නැතැයි හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.

ලාල්කාන්ත අදහස් කළේ වෙන දෙයක් වුව ද කටින් පිට වූයේ තවත් දෙයක් බවයි, නාමල් රාජපක්ෂ සඳහන් කළේ. කෙසේ වුව ද යමෙක් ජිම් යා යුත්තේ ස්ව කැමැත්තෙන් මිස බලහත්කාරයෙන් නොවන බව ද ඔහු කීවේය.

සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සජීවීව ජනතා ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් අවස්ථාවේ පුද්ගලයෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් රාජපක්‍ෂ එසේ සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *