ලාභ ලයිටර් නිසා ගිනි පෙට්ටි කර්මාන්තේ අනතුරේ…! – ඇමති හඳුන්නෙත්ති…

December 18, 2024 at 7:03 pm | by emanisa.lk

අඩු මිලට වෙළඳපොළේ ඇති ලයිටර් නිසා ගිනි පෙට්ටි කර්මාන්තය විශාල අර්බුදයකට ලක්ව ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ වෙළඳපොළේ නිෂ්පාදකයෙක් ලිපිනයක් නොමැති ලයිටර් රු.30ට විකිණීමට ඇති බවයි.

එම ලයිටර් සඳහා කිසිදු බදු මුදලක් අය නොකළ ද ගිනි පෙට්ටි සඳහා 20% බදු මුදලක් ගෙවන බව ද හඳුන්නෙත්ති සඳහන් කරයි.

මෙවැනි තත්ත්වයක් තුළ ගිනි පෙට්ටි කර්මාන්තයෙන් ජීවත් වන පිරිස සිය දරුවන්ගේ පාසල් උපකරණ ටික හෝ ගන්නේ කෙසේ දැයි ඇමතිවරයා ප්‍රශ්න කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *