ලබන වසරේ ඖෂධ හිඟයක් ඇතිවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ දී සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාලගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (28) පැවැති සාකච්ජාවකදී අනාවරණය වී ඇත.
දිවයින පුරා පිහිටි රෝහල්වලට අත්‍යාවශ්‍ය ඖෂධ 850 ක් අවශ්‍ය වුවත් මේ වන විට ඖෂධ වර්ග පනස්පහක හිඟයක් පවතින බව ද මෙහිදී නිලධාරින් පෙන්වා දී ඇත.
ඖෂධ හිඟයක් නිර්මාණය වීමට බලපා ඇත්තේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ලබාදී ඇති ටෙන්ඩර් නැවත කැඳවීම හේතුවෙන් සැපයුම්කරුවන්ට නිසි කලට ඖෂධ සැපයීමට නොහැකිවීම සහ දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගෙන් ඖෂධ වර්ග 305ක් ලබා ගැනීම සඳහා ඇණවුම් භාරදීම ප්‍රමාද වීමය.
එම ඖෂධ ලබා ගැනීම සඳහා වු ප්‍රසම්පාදන කමිටු රැස්වීමද පෙරේදා (28) පැවැත්වුවද අවසන් තීරණයක් ගෙන නොමැත. මේ හේතුන් මත ලබන වසරේ පළමු මාස හය තුළ ඖෂධ හිඟයක් ඇතිවිය හැකි බැවින් එය මඟ හරවා ගැනීමට කටයුතු කරන මෙන් සෞඛ්‍ය ලේකම්වරයා නිලධාරින්ට උපදෙස් ලබාදී ඇත.
අක්ෂිකාච, සෝඩියම් බයි කාබනේට්, පෙනහළු ආබාධ සහිත රෝගින්ට ලබාදෙන Amphotericin එන්නත්ද රෝහල් පද්ධතියේ නොමැති බව මෙහිදී අනාවරණය විය.