ලබන මස සිට ඉන්ධන සලාක ක්‍රමයට..!

June 17, 2022 at 7:04 am | by emanisa.lk

සති දෙකක් හෝ තුනක් ඇතුළත ඉන්ධන සලාක ක්‍රමයට ලබාදෙන කාඩ්පත හඳුන්වා දෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඉන්ධන සැපයීම පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා ඊයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ උදාහරණයක් ලෙස සතියක් සඳහා ලීටර් 100ක සලාක කාඩ්පතක් හිමිවන අයෙකුට ඉන් ලීටර් 60ක් ලියාපදිංචි වන ඉන්ධනහලෙන් සහ ඉතිරි ලීටර් 40ක් ප්‍රමාණය දිවයිනේ ඕනෑම ඉන්ධන පිරවුම්හලකින් ලබාගත හැකිවන ලෙස එම ක්‍රමවේදය සකස් කිරීම පිළිබඳව සාකච්ඡා පවත්වන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *