ලබන අවුරුද්දේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙනවා..! – මහ බැංකුව…

October 10, 2022 at 10:23 am | by emanisa.lk

2022 වසරේ ආර්ථික පසුබෑමෙන් පසු ලබන 2023 වසරේ දී ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්‍ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මේ වසරේ පළමු මාස හයේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.8 කින් සංකෝචනය වෙමින් ඝෘණ ආර්ථික වර්ධනයක් වාර්තා කර ඇත. එසේම මේ වසරේ දෙවන මාස හයේදීද ආර්ථිකය සංකෝචනය වනු ඇතැයි අපේක්‍ෂා කරන බව ද මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.

සැපයුම් අංශයේ අපේක්‍ෂිත වැඩි දියුණුවීම් මෙන්ම අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ කාලෝචිත ලෙස ක්‍රියාත්මක කිරීමත් සමඟ ලබන වසරේ මෙසේ ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත්වීමක් අපේක්‍ෂා කරන බව ද එම වාර්තාවේ සඳහන් වේ.

දැඩි මුදල් හා රාජ්‍ය මූල්‍ය තත්ත්වය මෙන්ම අඛණ්ඩව පවතින සැපයුම් අංශයේ බාධා සහ විදේශ විනිමය වෙළෙඳපොළ තුළ විදේශ විනිමය හිඟය මධ්‍යයේ ව්‍යාපාරික පරිසරයේ පවතින අවිනිශ්චිතතා වැනි සාධකවල බලපෑම හේතුවෙන් මේ වසරේ (2022) දෙවන භාගයේ ද ආර්ථිකය පසුබෑමට ලක්වනු ඇතැයි ද මහ බැංකුව නිකුත් කළ එම වාර්තාවේ තව දුරටත් දැක්වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *