පවතින තත්වයන් හා සාධක හමුවේ විදුලි ගාස්තුව සියයට 11-23ත් අතර ප්‍රතිශතයකින් අඩු කිරීමට හැකියාව ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අදහස වී ඇතැයි වාර්තා වේ.
ඒ ලංකා විදුලි බල මණ්ඩලය විසින් මාස හයක් යනතුරු විදුලි ගාස්තුව අඩු කිරීමට නොහැකි බව එම කොමිසමට දන්නවා ඇති පසුබිමකය.
අදාළ යෝජනාවට ප්‍රතිචාර දක්වමින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලි ගාස්තු සියයට 11ත් 23ත් අතර ප්‍රමාණයකින් අඩු කළ හැකි බවට ප්‍රතියෝජනාවක් මහ ජනතාවගේ දැන ගැනීමට ප්‍රසිද්ධියට පත්කිරීමට නියමිත තිබේ.
මෙම තත්ත්වය මත ලංකාව විදුලිබල මණ්ඩලය හා මහජන උපයෝගිතා කොමිසම අතර මත ගැටුමක් නිර්මාණයේ ඇත.