ලංගම පෞද්ගලීකරණය කිරීමට සිද්ධ වෙනවා..! – බන්දුල…

November 30, 2023 at 1:03 pm | by emanisa.lk

2024 වසර වන විට ලංකා ගමනා ගමන මණ්ඩලය ලාභ නොලැබුවහොත් එය ද පෞද්ගලීකරණය කිරීමට සිදුවනු ඇතැයි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

එම අවදානම මග හරවා ගැනීමට නම් ලංකා ගමනාගමන මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කළ යුතු බවයි, අමාත්‍යවරයා අවධාරණය කළේ.

එළඹෙන වසර තුළ ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිජිටල් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද ප්‍රවාහන අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මේ අතර බස්නාහිර පළාත භාරව කටයුතු කළ පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් ලංකා ගමනාගමන මණ්ඩලයේ වංචා දූෂණ පිළිබඳ විමර්ෂණය සඳහා විශේෂ ඒකකයක් ස්ථාපිත කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *