ලංගම ඩිපෝ පෞද්ගලික අංශයට…!

February 22, 2023 at 8:18 am | by emanisa.lk

ලංකා ගමනාගමන මණ්ඩලයේ පාඩු ලබන ඩිපෝ පෞද්ගලික අංශයට හෝ වෙනත් පාර්ශ්වයකට හෝ ලබා දෙන ලෙස මහා භාණ්ඩාගාරය මගින් දැනුම් දී ඇතැයි ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

ඊයේ (21) පනාගොඩ දී හෙතෙම මේ බව පැවසීය

ඉන්දීය ණය ආධාර යටතේ ලැබුණු බස් රථ 40 ක් බෙදාදීම නිමිත්තෙන් පනාගොඩ අශෝක් ලේලන්ඩ් ආයතනයේ පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේය.

මේ වන විට රියදුරන් සහ කොන්දොස්තර හිගය නිසා බස් ඩිපෝ 107 ක බස් රථ 800ක් ධාවනයෙන් ඉවත්ව ඇති බවත් ඒ වෙනුවෙන් රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතියට යටත්ව කොන්ත්‍රාත් පදනම යටතේ රියදුරන් සහ කොන්දොස්තරවරු 1600 දෙනෙකු බඳවා ගැනීමට නියමිත බව ද අමත්‍යවරයා මෙහි දී වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *