නාරාහේන්පිට පෞද්ගලික රෝහලට අත් බෝම්බයක් ගෙන ආ බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
ඉදිකිරීම් සමාගමක සේවකයකු බව කියන සැකකරු තිරිකුණාමලය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු මෙම රෝහලේ ඉදිකිරීම් කටයුතුවලට පැමිණ දින 12ක් පමණ වන බව ද පොලිසිය කියයි.
රෝහලේ බෝම්බය තබා ඒ පිළිබඳ ඔත්තුව ලබා දී රෝහලින් තෑගි මුදලක් ලබා ගැනීමේ අරමුණින් මෙම ක්රියාව සිදුකර ඇතැයි සැකකරු අනාවරණය කර තිබේ.