ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග මෙරට රජයේ නියෝජිත පිරිස සිදුකළ සාකච්ඡාව අතර ලබාගත් සෙල්ෆි ඡායාරූපයක් සමාජමාධ්‍යවල සංසරණය වෙයි.
පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්විණි.
අදාළ ඡායාරූපය ලබා ගෙන ඇත්තේ රුහුණ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශ මහාචාර්ය නන්දසිරි කීඹිහෙට්ටි මහතාය.
ඉහළ පෙළේ රාජාතාන්ත්‍රික සාකච්ඡාවක දී මෙලෙස හැසිරීම අනුමත කළ නොහැකි බවට විවේචන පළවෙයි.
පසුගිය සතියේ බිත්තර මිල පහළ ගියේ ඇමැතිට එතෙක් බිත්තරයකින් ලැබුණු රු. 10 ඉතිරි වූ නිසා යැයි ද මෙම මහාචාර්යවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබිණි.