ලංකාව එංගලන්තේ ගාණටම දියුණුයි… වෙලාවට හන්දියට බස් එක එද්දි සතුටු කඳුලු පැන්නා..! – නි. ඇමති චතුරංග අබේසිංහ….

June 19, 2026 at 3:37 pm | by emanisa.lk

තමා හන්දියට ගිය අවස්ථාවේ කාලසටහනට අනුව නියමිත වෙලාවට බස් රථය පැමිණෙනු දැක දෑසින් සතුටු කඳුලු වැගිරුණු බව නි. අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.

“අපේ ජීවිත කාලෙ අපේ රටේ දකින්න.. විදින්න අසා දේවල් පොඩි කාලේ ඉදන් තිබ්බා..
1994 මම Liverpool නගරේ වසරක් ජීවත් වුණා. මට වයස අවුරුදු 10යි.. අපේ පාරේ Bus Halt එකට හරියට වෙලාවට බස් එක එනවා, ඒකෙ schedule එක අම්ම දොරේ ගහල තිබ්බා.. ඔව් වෙලාවට කිරිත් එනවා කුණු ලොරියත් එනවා

මේ සතියේ මම හන්දියට වෙලාවට ගියා, App එකේ කියපු වෙලාවට බස් එක ආව.. සතුටුයි, ගොඩක් සතුටුයි.. කඳුළුත් එනවා..අපි හරිම පොඩි මිනිස්සු.. අපිට පොඩිම පොඩි හීනම විතරයි තිබ්බේ.. ඒ මහා සමාජය වෙනුවෙන් දැක්ක හීන..

මහා දැවැන්ත මිනිස්සුන්ට අපේ රට පාලනය කරල කරගන්න බැරි වෙච්ච පොඩි මිනිසුන්ගේ පොඩි හීන අපි එක එක යතාර්ථයක් කරන්නම්. අරගලයට දායක වූ මිලියන ගනනක් ජනතාව ඒ වෙනස කලා. පොදු ප්‍රවාහන කියන්නෙ රටක හදවත.. ජීවනාලිය.. මගේ දරුවන්ට උන්ගේ දරුවන්ට ඒ රට අපි හදල දෙමු.”

facebook

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *