ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් යැයි හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කළ ප්‍රකාශය අතිශයින් බරපතළ බව සමගි ජනබලවේගය පවසයි.
කැබිනට් ඇමැතිවරයෙක් මෙවැනි ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවයි, එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ප්‍රකාශ කළේ.
මෙරට ස්වෛරීත්වයට දැඩි බලපෑමක් එල්ල වන එම ප්‍රකාශය සම්බන්ධයෙන් සමගි ජනබලවේගය දැඩි අප්‍රසාදය පළ කරන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
ස්වෛරී රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටස් ලෙස හඳුන්වන එම ප්‍රකාශය හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා වහාම ඉල්ලා අස්කර ගත යුතු බවත් විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක දී තිස්ස අත්තනායක අද (19) කීවේය.