ලංකාව ආසියාවේ දුප්පත් රටවල් 20 අතරට..!

May 24, 2023 at 7:13 pm | by emanisa.lk

ආසියාවේ දුප්පත් රටවල් 20 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් වී තිබෙන බව ‘Yahoo Finance’ වෙබ් අඩවිය ප්‍රකාශ කරයි.

එම වෙබ් අඩවිය සඳහන් කරන පරිදි 2021 වසරේ දී ලංකාවේ ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් 5555ක් වී ඇති අතර ආසියාවේ දුප්පත් රටවල් 20ක් අතරින් ශ්‍රී ලංකාවට 17 වන ස්ථානය හිමි වී තිබේ.

ආසියාවේ දුප්පත් රටවල් ගණයට වැටෙන සෙසු රටවල් වන්නේ මොංගෝලියාව, ආර්මේනියාව, පිලිපීනය, භූතානය, ලාඕසය, වියට්නාමය, ටිමෝරය, බංග්ලාදේශය, උස්බෙකිස්තානය, කාම්බෝජය, පාකිස්තානය, කජිකිස්තානය, යේමනය, මියන්මාරය, නේපාලය, සිරියාව, ටජිකිස්තානය, ඇෆ්ගනිස්තානය, උතුරු කොරියාව යන රටවල්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස