ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිව් දෙනකුගෙන් යුත් පවුලක් දිවි නසාගැනීමේ සිද්ධිය ගැන විමර්ශනය කරන එරට පොලිසියේ අවධානය අන්තර්ජාලය හරහා ක්ෂණික ණය ලබාදෙන ශ්‍රී ලංකාවේ සිට ක්‍රියාත්මක වන කණ්ඩායමක් වෙත යොමුවී තිබේ.
පසුගිය සැප්තැම්බර් මස 12 දා 39 හැවිරිදි නිජෝ, ඔහුගේ බිරිඳ ශිල්පා (32) සහ ඔවුන්ගේ දරුවන් වන එබල් (7) සහ ආරොන් (5) සියදිවි නසාගෙන ඇත.
ශිල්පා අන්තර්ජාල ණය දෙන ආයතනවලින් ණය ලබා ගත්ත ද ඒවා ආපසු ගෙවීමට නොහැකි වී ඇති අතර ඈට සහ ඇගේ ඥාතීන්ට අසභ්‍ය ඡායාරූප යැවීමට සමාගම කටයුතු කර තිබේ.
එම අසභ්‍ය පින්තූර ඥාතීන්ට යැවීමට භාවිත කළ දුරකතන අංකය පොලිසිය විසින් සොයා ගැනීමත් සමඟ විමර්ශනය වෙනත් අතකට යොමුවිය.