ලංකාවේ විශාලතම සිමෙන්ති කම්හල ජුනි මස ඇරඹෙයි! සියලු දැවැන්ත ඉදිකිරීම් සඳහා සිමෙන්ති දෙන්න සූදානම්!

December 13, 2020 at 7:28 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ විශාලතම සිමෙන්ති කම්හලේ නිෂ්පාදන කටයුතු 2021 ජුනි මාසයේ ආරම්භ වීමට නියමිතය.

අති නවීන තාක්ෂණයෙන් යුත් මෙම කර්මාන්තශාලාව දකුණු ආසියාවේ විශාලතම සිමෙන්ති කර්මාන්තශාලා අතුරින් එකක් වන අතර එය හම්බන්තොට මිරිජ්ජවිල අක්කර 63ක ප්‍රදේශයක පිහිටා ඇත.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි ව්‍යාපෘතියක් වන මෙහි පළමු අදියරේ ආයෝජනය ඇමරිකන් ඩොලර් බිලියන 70කි. නිෂ්පාදන ධාරිතාව වසරකට ටොන් දසලක්ෂ 3කට ආසන්නය.

ලංවා සංස්ථා සිමෙන්ති සමාගමේ සභාපති නන්දන ලොකුවිතාන පවසන පරිදි කොළඹ වරාය නගරය සහ අධිවේගී මාර්ග ඇතුළු සියලු ම ප්‍රධාන පෙළේ ඉදිකිරීම් සඳහා අවශ්‍ය සිමෙන්ති සැපයීමට එම සමාගම සමත් වනු ඇත.

මෙම සේයාරුවෙන් දැක්වෙන්නේ වරාය සහ නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, ගුවන් සේවා සහ අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක ඇතුළු ආරාධිතයන් පිරිසක් ඉකුත් සතියේ එහි ප්‍රගතිය පිළිබඳ නිරීක්ෂණ චාරිකාවක යෙදුණු අවස්ථාවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස