ලංකාවේ විදුලි බිලට ද. ආසියාවේ පළමු තැන…!

October 1, 2023 at 9:21 am | by emanisa.lk

යෝජිත විදුලිබිල වැඩි වීම සිදු වුවහොත් ශ්‍රී ලංකාව, දකුණු ආසියාවේ වැඩි ම විදුලි බිල සහිත රට බවට පත් වන බව බලශක්ති විශේෂඥ තිලක් සියඹලාපිටිය පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, මේ වන විට ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ වැඩි ම විදුලි බිල සහිත රටවල් අතර තෙවැනි ස්ථානයේ පසු වන බවයි.

විදුලි නිෂ්පාදන මිල අවම කිරීම සඳහා කඩිනමින් නව ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතු බව බලශක්ති විශේෂඥ තිලක් සියඹලාපිටිය අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *