පසුගිය දා හම්බන්තොට මිරිජ්ජවිල දී මුල්ගල් තැබූ තෙල්පිරිපහදු ව්‍යාපෘතියේ ප්‍රධාන ආයෝජකයා වන සිල්වර්පාක් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම තිබෙන්නේ ආමර් වීදිය ප්‍රදේශයේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
ඊයේ (25) පාර්ලමේන්තුවේ දී ඔහු වැඩි දුරටත් මෙසේ පැවසීය.
“හම්බන්තොට තෙල් පිරිපහදුවකට මුල් ගල තිබ්බා. ජාත්‍යන්තර මාධ්‍යයක් කිව්වා ඕමාන රජය ඒකට සම්බන්ධ නැහැ කියලා. BOI කියනවා ඕමාන රජයත් සමඟ තවම සාකච්ඡාමය අවස්ථාවේ ඉන්නවා කියලා. මේ මුල්ගලක් තියන්නේ සාකච්ඡාමය අවස්ථාවේ ඉන්නකොට.”
“සිල්වර්පාක් ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් කියලා සමාගමක් එක්ක ගනුදෙනුවක් කරනවා. ඒත් එක්කම අනෙක් පැත්තෙන්, සිල්වර්පාක් පෙට්‍රොලියම් ප්‍රයිවට් ලිමිටඩ් කියලා තව සමාගමක් ඔබ තමුන්නාන්සේලා පිහිටුවලා තියෙනවා. දැන් මේ සිල්වර්පාක් ඉන්ටර්නැෂනල් කියන සමාගම ආමර්වීදියේ කඩයක් ළඟ තියෙනවා තියලා තමයි අපිට දැනගන්න ලැබිලා තියෙන්නෙ. සිල්වර්පාක් පෙට්‍රොලියම් කියන එක තිඹිරිගස්යායේ අපාර්ට්මන්ට් එකක තමයි සමාගම රෙජිස්ටර් කරලා තියෙන්නේ.”