ලංකාවේ දිනක පරිභෝජනය ටොන් 6500යි… වී අලෙවි මණ්ඩලයේ ආරක්ෂිත වී සංචිතය ටොන් 59යි…!

July 9, 2025 at 11:30 am | by emanisa.lk

වී අලෙවි මණ්ඩලය 2024/25 මහ කන්නයේ දී මිල දී ගත් මෙට්‍රික් ටොන් 59ක වී තොගය ඉදිරියේ දී ඇති විය හැකි සහල් හිඟයක දී ප්‍රයෝජනයට ගැනීමට එම මණ්ඩලය සැලසුම් කර ඇත.

මෙවර යල කන්නයේදී වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් පමණ මිලදී ගැනීමට අපේක්ෂා කරන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද පවසයි.

කෙසේ වුව ද ලංකාවේ දෛනික සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 6500ක් වන අතර වී අලෙවි මණ්ඩලය සතු ටොන් 59 වී තොගය කොටා ලබා ගන්නා සහල් ලංකාවේ ජනතාවට වේලක් කැඳ ලබා දීමට ද ප්‍රමාණවත් නොවන බව විචාරකයෝ පෙන්වා දෙති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *