ලංකාවේ කොවිඩ් මරණ 5000ට කිට්ටුවෙයි….! ආයුර්වේද රෝහලක කිසිවෙක් මිය ගොස් නෑ….! බටහිර රෝහල්වලටත් දිවි රකින හෙළ ඔසු….!

August 7, 2021 at 7:04 am | by emanisa.lk

කොවිඩ් රෝග තත්ත්වය සීග්‍රයෙන් පැතිර යන මේ අවස්ථාවේ දැනට ආයුර්වේද රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් කිසිවෙකු මිය ගොස් නැත.

ඒ අනුව දේශීය ඖෂධ භාවිතයෙන් මෙම වසංගත තත්ත්වයෙන් සහනයක් ලබා ගත හැකි නිසා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් ඖෂධ බටහිර රෝහල්වල ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයින්ට ද ලබා දෙන ලෙස දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි ජනාධිපතිවරයා ප්‍රමුඛ කොවිඩ් කාර්ය සාධක බලකායෙන් ඉල්ලා තිබේ.

එසේ ම අනෙකුත් ආසාදිතයින්ටත් නිරෝධායනය වන්නන්ටත් දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව අනුමත කරන ලද ඖෂධ වර්ග 14ක් සඳහා ඉඩකඩ සලසන ලෙසත් ඉල්ලා ඇත.

ඊයේ (06) පැවැති කොවිඩ් කාර්ය සාධක බලකා හමුවේ දී ඇමැති සිසිර ජයකොඩි මෙම ඉල්ලීම සිදුකර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස