ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කාර්යය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිල වශයෙන් නිවේදනය කරයි.
ඒ අනුව ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉදිරියේ දී ලැබෙන බවයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරන්නේ.
මාස 48ක වැඩපිළිවෙළක් සමඟ මෙය ක්‍රියාත්මක වන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් සඳහන් කරයි.
ආසියානු සංවර්ධන බැංකුව ද ඩොලර් මිලියන 200ක හදිසි මූල්‍ය පහසුකමක් ලබා දීමට තීරණය කර ඇත.