චීනය, ඉන්දියාව හා ජපානය යන රටවල් තිරිකුණාමලයේ හා හම්බන්තොට අලුතින් ඉන්ධන පිරිපහදු දෙකක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.
තිරිකුණාමල තෙල් ටැංකි හැට එක සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ එක් පියවරක් ලෙස ඉන්දියාව නව තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීමට තීරණය කර ඇත. ඉන්දියාව සමග තුන්වැනි පාර්ශ්වයක් ලෙස එම ව්‍යාපෘතියට ජපානය ද එක්වීමට තීරණය කර ඇත.
නව තෙල් පිරිපහදුව ආරම්භ කිරීම සම්බන්ධව සොයා බැලීමට ඉන්දියානු රජයේ තෙල් සහ ස්වාභාවික වායු පිළිබඳ අමාත්‍යාංශ ලේකම් පන්කජ් ජාන් (Pankaj Jain) පසුගිය සතියේ ත්‍රිකුණාමලයේ සංචාරයකද නිරත විය.
චීනයේ සිනෝපැක් ආයතනය හම්බන්තොට වරාය භූමියේ තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීමට නියමිතය. එහිදී පිරිපහදුව කරන ඉන්ධන වැඩි ප්‍රමාණයක් හම්බන්තොට වරාය ආසන්න ජාත්‍යන්තර මුහුදේ ගමන් කරන නෞකාවලට සැපයීමට නියමිතය. ලංකාවේ පරිභෝජනයට බෙදාහරින්න තීරණය කර ඇත්තේ සීමිත ප්රමාණයකි.