මෙරට ඉන්ධන අලෙවිය සඳහා United Petroleum Australia සමාගම ගිවිසුම්ගත වී තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ, ශ්‍රී ලංකා වෙළෙඳපොළට ඛනිජ තෙල් නිෂ්පාදන සැපයීම සඳහා තම සමාගම පෙබ. 22 වන දා විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය සමග ගිවිසුම්ගත වූ බව ය.
ඔස්ට්‍රේලියාවෙන් පිටත ජනතාව සඳහා ඛනිජ තෙල් ආශ්රිත නිෂ්පාදන අලෙවිය පුළුල් කළ පළමු අවස්ථාව මෙය බව ද එම සමාගම අදාළ නිවේදනයේ සඳහන් කර ඇත.
ඒ අනුව තම සමාගම ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් වෙළෙඳපොළ තුළ ප්රමිතීන්, නිෂ්පාදන සහ සේවාවල ගුණාත්මක බව ඉහළ නැංවීමට සැලසුම් කරන බව ද අවධාරණය කර තිබේ.