වර්තමාන ආණ්ඩුව මෙරටට ගෙන ආ ගල් අඟුරු නැව් 19 අතරින් මෙට්‍රික් ටොන් 120,000ක නැතහොත් රුපියල් කෝටි 462ක ගල් අඟුරු අතුරුදන්ව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
”බාල ගල් අඟුරු ගෙනාවා. ගල් අඟුරු නැව් 19ක් ගෙනාවා. ඒ 19 ගෙනාවා විතරක් නෙමෙයි. ආපු නැව් 19න් මෙට්‍රික් ටොන් 120,000ක් අතුරුදන්.
මෙට්ට්‍රික් ටොන් 120,000ක් කියන්නේ කෝටි 462ක් වටින ගල් අඟුරු අතුරුදහන්. ඒ කියන්නෙ නැව් දෙකක් අතුරුදහන් කරලා. ජනාධිපතිතුමා කිව්වේ කාලා බලලා නෙමෙයි ගත්තෙ කියලා. අපිත් රටේ ජනතාවත් හිතුවා කාලා බලලා නෑ ගත්තට පස්සේ තමයි කාලා තියෙන්නේ කියලා.
බලනකොට ගත්තට පස්සෙත් කාලා. ගෙනාපු නැව් දෙකකුත් ගිල්ලා. කවුද මේ නැව් ගිල්ලේ. මෙට්‍රික් ටොන් 120,000ක් අතුරුදහන් ගෙනාපු නැව් 19න්. ගෙනාවට පස්සෙත් කාලා. ගේන්න කලිනුත් කාලා.”
පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.