තමන් මාල කැඩූ බවට ඇති එකදු හෝ පොලිස් පැමිණිල්ලක් පෙන්විය හැකි නම්, ඕනෑම මොහොතක පාර්ලිමේන්තුවෙන් ඉවත් වීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසයි.
ඊයේ (24) පාර්ලිමේන්තු සභාවාරය අමතමින් ඔහු ඒ බව සඳහන් කළේය.
බොහෝ අයට කුඩා කාලයේ දී විවිධ අන්වර්ථ නාමයන් පට බැඳෙන බවත් ප්‍රේමලාල් ජයසේකරට ‘චොකා මල්ලි’ යනුවෙන් අන්වර්ථ නාමයක් පට බැඳ ඇති සේ තමාට ද කුඩා කළ සිට ‘රත්තරං’ යනුවෙන් විවිධ පිරිස් අමතා ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.
එවැනි පදනමකින් තමා ව රත්තරං යනුවෙන් විවිධ පාර්ශ්වයන් අමතනවා මිස තමා කිසි දිනයක මාල කැඩීම් වැනි දෑ සිදු නො කළ බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
මාල කැඩීමක් පිළිබඳ පොලිස් පැමිණිල්ලක් තිබේ නම්, වහාම එය ඉදිරිපත් කරන ලෙසත් එසේ ඉදිරිපත් කිරීමට කිසිවකුට හෝ හැකි නම්, ඕනෑම මොහොතක සිය පාර්ලිමේන්තු අසුනෙන් ඉල්ලා අස් වීමට සූදානම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන වැඩි දුරටත් පැවසීය.