රේගු නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාමාර්ග හේතුවෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව බහාලුම් රථ හිමිකරුවන්ගේ සංගමෙය් සභාපති සනත් මංජුල මහතා සඳහන් කරයි.
“ඔරුගොඩවත්ත, තොටළඟ සහ ග්‍රෑන්ඩ්පාස් යන ප්‍රදේශවල මාර්ගයේ තිබෙන අනාරක්ෂිත බව නිසා මෙම බහාලුම් වරාය පරිශ්‍රයේ රඳවාගෙන තමා පිට කරේ, බහාලුම් නිෂ්කාශනවල ඉඩපහසුකම් ලැබෙන පරිදි.
නමුත් ඇමතිතුමාගේ පරීක්ෂාවෙන් පසුව, මොවුන් එක හෙළාම තීරණය කරලා තියෙනවා සියලුම බහාලුම් ප්‍රවාහන රථ වරායෙන් පිටතට එවලා මාර්ග තදබදයක් ඇති කරන්න.
විශේෂයෙන්ම ඔරුගොඩවත්ත, ග්‍රෑන්ඩ්පාස් කියන ස්ථානවල. විශේෂයෙන්ම පටවාගත් බහාලුම් ප්‍රවාහන රථවල තිබෙන බහාලුම්වල අනාරක්ෂිතභාවය සහ රියදුරන්ට ජීවිත තර්ජන එල්ල වෙලා තියෙනවා.”
කෙසේ වෙතත් රේගු වෘත්තීය සමිති සන්ධානයේ සභාපති අමිල සංජීව මහතා සඳහන් කළේ, රේගු ආඥා පනතේ විධිවිධානවලට අනුව කටයුතු කරන ලෙස සිය සමාජිකයින් දැනුවත් කර ඇති බවය.