රු. දාහක පඩියක් දෙන්න බැරි වතු රජයට ගන්න ඕන..! – අනුර…

August 11, 2023 at 4:31 pm | by emanisa.lk

වතු ජනතාවගේ රුපියල් දහසේ සටන් පාඨය දැන් අවුරුදු 3ක් පරණ යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පවසයි.

“වැඩකරන ජනතාවට සාධාරණ වැටුපක් ලබාදිය යුතුයි. රුපියල් දහසේ සටන් පාඨය දැන් අවුරුදු 3ක් පරණයි. රුපියල් දාහක වැටුපක් දෙන්න බැරි සමාගම් කුමටද? මේ වතුකරයේ ජනතාව ඉතාමත් දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙන ජනතාවක්. ශත වර්ෂ දෙකක් ගතවෙලා තාමත් ඔවුන්ට සාධාරණ ජීවිතයක් ලබාදීමට අප අසමත් වී තිබෙනවා. ලංකාවේ ප්‍රධානම වතු සමාගම් 23ක තේ ඉඩම් විශාල ප්‍රමාණයක් හොබවනවා.

හැබැයි රුපියල් දාහක වැටුපක් ගෙවන්න බැහැ. එහෙම රුපියල් දාහක වැටුපක් දෙන්න බැරි කර්මාන්තයෙන් ඇති ඵලය කුමක්ද? ඉතින් මේ නිසාම සිදු වී තිබෙන්නේ අදත් ඔවුන්ට තමන්ගේ ජීවිතයේ මූලික වුවමනාවන් ඉටුකර ගන්නට සමත් ආදායම් මාර්ගයක් නැහැ. මූලික දේ ජීවත් වීමට සාධාරණ වැටුපක් නැත්නම් ඔවුන් මිනිස්සුද. ගෙදරක් නෑ. සත්තු වගේ ජීවත් වෙන්න වෙලා. ඒ නිසා පළමුවෙන්ම මේ කඳුකරයේ ජීවත්වන ජනතාවට ජීවිතයේ සාධාරණ ලෙස, අවම ලෙස හෝ පවත්වාගෙන යෑමට වැටුපක් ලබාදෙන්න ඕනෑ. වැටුප් ලබා දෙන්න සමාගම සූදානම් නැත්නම් සමාගම් පවරාගන්න ඕනෑ.”

ඊයේ (10) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *