ගාල්ලේ අක්මීමණ රුහුණ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ඊයේ (26) රාත්‍රී ගැටුමක් හට ගෙන ඇත.
දැනට එහි ඉගනුම ලබන සිසු පිරිසක් සහ සීමාවාසික පුහුණු ගුරුවරුන් ලෙස පාසල්වල සේවය කරන පිරිසක් අතර මෙම ගැටුම හට ගෙන ඇත.
පනස් දෙනෙකු පමණ රාත්‍රීයේ අධ්‍යාපන පීඨයට කඩා වැදී නවක වධය ලබා දීමට යාමේ දී මෙම ගැටුම හටගෙන ඇති අතර සිසුන් 14 දෙනෙකු කරාපිටිය රෝහලට ඇතුළු කර තිබේ.
මෙය ජනතා විමුක්ති පෙරමුණු සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂ සිසු දෙපිරිසක් අතර ගැටුමක් බවයි, එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ.