රුපියල නැවත ශක්තිමත් වෙයි! ඩොලරයක වටිනාකම රු. 191ට වැටෙයි!

May 6, 2020 at 7:45 am | by emanisa.lk

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඊයේ  (05 ) සැලකිය යුතු ලෙස ශක්තිමත් විය. මේ අනුව ශ්‍රී ලංකා  රුපියලට   සාපේක්ෂව ඇමරිකානු ඩොලරයක්  අගය ඊයේ රු. 2.40 කින් පිරිහීමට ලක් විය.

ශ්‍රී  ලංකා මහ බැංකුව නිකුත් කළ අලුත්ම විනිමය අනුපාත අගයන් අනුව ඊයේ (05)  දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රු.191.71  දක්වා අඩු විය.

පෙරේදා (04 ) ඇමරිකානු ඩොලරය විකුණුම්   අගය රුපියල් 194.11ක් විය.

එසේම ඊයේ දිනයේ ඇමරිකානු ඩොලරයක ගැනුම් අගය රු.185.81ක් වූ අතර ඊයේ එම අගය රු.188.37ක් විය.

අප්‍රේල් 09 දින ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රු.200.47 ක් දක්වා ඉහළ ගොස් තිබිණි. මේ අනුව ඊයේ  දිනයේ  ශ්‍රී ලංකා  රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයක අගය රු.191.71 දක්වා අඩු වීම කැපී පෙනෙන සිදු වීමකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස