රුපියල පහළ යෑමෙන් ගැටළුවක් ඇති නොවන බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත පවසයි.
“වාහන ආනයනය නතර කිරීමට තීන්දුවක් අරගෙන නැහැ. වාහන ගෙන්වීම නතර කරන්න කිසිදු තීරණයක් අරගෙන නෑ. පුද්ගලික වාහන ඇනවුම් කිරීම මාස කීපයක් පමා කිරීම තමයි වෙලා තියෙන්නේ. වාහන විතරක් නෙවෙයි කිසිදු ආකාරයක ආනයන සීමා කිරීමකට හෝ ආර්ථිකය හැකිලීමට තීරණයක් අරගෙන නැහැ.
තොරතුරු පාදකව මේ සඳහා මැදිහත්වීමට බලාපොරොත්තු වෙනවා. පුළුවන් ආකාරයට ආර්ථිකය ප්‍රසාරණය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ ආයෝජන කැඳවීමට ඉන්ධන සහනාධාරය සඳහා බිලියන පනස් හතක් වෙන් කරනවා.”
ඔහු මෙසේ පැවසුවේ දෙමළ ජාතික සන්ධාන මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.