රුපියල් 50 ඉන්ධන බද්ද අඩු කරනවා ද නැද්ද කියලා තවම කල්පනා කරනවා…! – ජනපති…

November 12, 2024 at 11:55 am | by emanisa.lk

ඛනිජ තෙල් සංස්ථාවේ ණය පියවීම සඳහා ඉන්ධන මත පනවා ඇති රුපියල් 50 ක බදු මුදල ඉවත් කිරීම සඳහා මේ වන විට එම ණය පියවා ඇති ප්‍රමාණය ගණනය කරමින් සිටින බව ජනාධිපති අනුර දිසානායක මහතා පවසයි.

එම ගණනය කිරීම අවසන් කර ණය අවසන් වන කාලයත් සලකමින් එම සහනය ලබාදීමට හැකි බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසාන වශයෙන් ගණනය කිරීමක් මෙතෙක් සිදුකළ නොමැති අතර ඒ සඳහා කෙතරම් කාලයක් ගතවනු ඇතිදැයි කිව නොහැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ඉදිරියේදී නැවත වාහන ආනයනයට අවසර දීමත් සමග ඉන්ධන ඉල්ලුම ඉහළ යාමේ තත්ත්වය ද සලකා බලමින් මෙම බද්ද ඉදිරියට ගෙන යා යුතුද නැද්ද යන්න තීරණය ජනාධිපති අනුර දිසානායක ප්‍රකාශ කරයි.

දෙරණ 360 වැඩසටහනට ඊයේ (11) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *