රිලවියන්ට උපත් පාලන ලූප..!

October 30, 2023 at 10:13 am | by emanisa.lk

රිලා ගහනය පාලනය කිරීම සඳහා රිලවියන්ට ලූපයක් දැමීම කෙරෙහි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ අවධානය යොමුව ඇත.

මේ වන විට රිලවියන්ග් ඩිම්බ කෝෂවල ප්‍රමාණය ඇතුළු ලිංගික ප්‍රදේශය පිළිබඳ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් අධීක්ෂණය කරමින් සිටින බව පශු වෛද්‍ය අංශයේ මහාචාර්ය අතුල දන්ගොල්ල සඳහන් කරයි.

රිලා ගහනය අවම කර ගැනීම සඳහා ගැහැනු සතුන්ට වඳ සැත්කම් කිරීමට විශාල මුදලක් වැය වන බවත් ඒ සඳහා සැලකිය යුතු කාලයක් ගත වන බවත් පෙන්වා දෙන මහාචාර්යවරයා, රිලා ගැහැනු සතුන් අල්ලා උන්ට ලූපයක් පැළඳවීම පහසු හා වියදම් අඩු කටයුත්තක් යැයි ද පවසයි.

මෙම ක්‍රමය මගින් රිලවුන්ගේ ජීවිතවලට සිදුවන හානි ද අවම කරත හැකි බවයි, මහාචාර්යවරයා සඳහන් කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *