රැලිවලට හසුවී ඡන්දය ලබා දෙන විට එහි ප්රතිඵලය ජනතාව මතකයේ තබාගත යුතු බවත් දැන් තාවකාලික සතුටක් ලැබෙන්නේ ණය නොගෙවන නිසා බවත් ‘43 වැනි සේනාංකයේ’ නායක පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක පවසයි.
පෝලිම් නැති නිසා, ගෑස් තිබෙන නිසා, පැය 24 විදුලි සැපයුම ලැබෙන නිසා, අවුරුදු උත්සව පැවැත්වීම සහ වෙසක් උත්සවයට සූදානම් වීම හේතුවෙන් ජනතාව මේ වන විට තාවකාලික සතුටක් ලබන බව කී පාඨලී රණවක, ඩොලර් නොමැතිව ඇති වූ අර්ථික අර්බුදයට විසඳුමක් ලැබී නොමැති බව ද සඳහන් කළේය.
ඩොලර් නොමැතිව ඉන්ධන, බෙහෙත් ආනයන කරන්නේ මෙතෙක් ආනයනය කරන භාණ්ඩ 1200 ක් තහනම් කර ඩොලර් ඉතිරි කර ගැනීමෙන් බවත් දැන් ණය නොගෙවුව ද ඊට පෙර ණය ගෙවූ බවත් පාඨලී චම්පික රණවක වැඩි දුරටත් කීය.