බැංකු තැන්පතුවලින් අය කරන රැඳවුම් බද්ද 5% සිට 10% දක්වා ඉහළ නැංවීමෙන් පසු මෙතෙක් බැංකුවල තැන්පත් කර තිබූ රුපියල් කෝටි 300 ක පමණ (බිලියන 3) පමණ මුදලක් කොටස් වෙළෙඳපොළේ ආයෝජන සඳහා යොමුකර ඇතැයි වාර්තා වෙයි.
පසුගිය සමයේ කොටස් වෙළෙඳපොළේ ශීඝ්‍ර වර්ධනයක් ඇති වූයේ මේ නිසාය. ඒ අතර බැංකුවල තැන්පතු මෙලෙස පිටතට ඇදී යාම හේතුවෙන් ඒවායේ ද්‍රවශීලතාව (මූල්‍ය ශක්තිය) පිළිබඳ අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බව ද සඳහන්ය.
බැංකුවලට පමණක් නොව පිළිගත් මූල්‍ය සමාගම් ද මේ නිසා අර්බුදයට ලක්ව තිබේ.