රාමාඤ්ඤ නිකායේ මහ නාහිමි අපවත් වෙයි!

November 17, 2020 at 6:54 pm | by emanisa.lk

රාමඤ්ඤ නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහා නායක හිමිපාණන් වහන්සේ අපවත් වූහ.

අපවත් වන විට උන්වහන්සේ 98 වන වියෙහි පසු වූහ. පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මහා නායක ස්වාමීන් වහන්සේ අපවත් වූහ.

අපවත් වී වදාළ අතිපූජ්‍ය නාපානේ ප්‍රේමසිරි මහා නායක ස්වාමීන් වහන්සේ 2012 සැප්තැම්බර් මස 03 දා රාමඤ්ඤ නිකායේ මහා නායක ධුරයට පත්විය.

අපවත් වන විට මහනුවර මැණික්හින්න හුරීකඩුව විද්‍යාසාගර පිරිවෙන් විහාරාධිපති ලෙස ද එහිමියන් කටයුතු කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *