රාජ්‍ය දේපළ සූක්ෂ්ම ලෙස මකර කටට යන හැටි වෙන්න…! මහපොළ සල්ලිවලින් හැදූ මාලබේ ස්ලිට් කැම්පස් හොරට ලියා ගෙන…!

October 23, 2021 at 7:48 am | by emanisa.lk

මහපොළ අරමුදලින් ගොඩනැඟූ මාලබේ උසස් තාක්ෂණ ආයතනය (SLIIT) පුද්ගලයින් තිදෙනකෙු සිය අයිතියට ලියා ගෙන ඇතැයි කෝප් කමිටුවේ සභාපති ආචාර්ය චරිත හේරත් පවසයි.

මෙම ආයතනයේ ඉහළ නිලධාරීන් තිදෙනෙකු 2018 වසරේ දී එම ආයතනය සහ එහි අක්කර 20ක භූමිය මෙලෙස සිය අයිතියට ලබා ගෙන ඇතැයි කෝප් කමිටු සභාපතිවරයා ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළේය.

මෙම ගනුදෙනුව සිදුව ඇත්තේ රාජ්‍යයට විරුද්ධව බවත් රටේ ජාතික සම්පත් උපක්‍රමික මෙහෙයුම් මගින් රජයෙන් ඉවත් කිරීම පිළිබඳ හොඳ ම කතාව ඇත්තේ මෙම සිද්ධිය පිටුපස බවත් ආචාර්ය චරිත හේරත් සඳහන් කරයි.

මේ සඳහා ආචාර්ය වික්‍රම වීරසූරිය ඇතුළු නිලධාරී පිරිසක් සම්බන්ධ වී ඇතැයි ද හෙතෙම අනාවරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *