රාජ්‍ය සේවයේ ශුද්ධ වැටුප් වැඩි වීම 8250යි.. එයත් වාර තුනක දී වසර තුනකින්..! නි. මුදල් ඇමති…

February 20, 2025 at 7:08 pm | by emanisa.lk

රාජ්‍ය සේවක අවම මූලික වැටුප වැඩි වන්නේ රු. 8250කින් බවත් එයත් සිදුවන්නේ වසර තුනක කාලයක දී බවත් කම්කරු ඇමැති හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා මාධ්‍ය කළ විමසුමකට අනුව පිළිගත්තේය.

රාජ්‍ය සේවයේ අවම මූලික වැටුප රු. 15,750කින් වැඩි කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අයවැය කතාවේදී සඳහන් කළත් රාජ්‍ය සේවක අවම මූලික වැටුප ශුද්ධ වශයෙන් වැඩි වන්නේ රු. 8250 කින් පමණයි. මෙයට හේතුව දැනට ලබාදෙන රු. 7500ක දීමනා එම රු. 15750 ක මුදලින් අඩු වීමයි.

ඒ අනුව මෙම වසරේ අප්‍රේල් මස සිට රාජ්‍ය සේවක අවම මූලික වැටුප වැඩි වන්නේ රු. 5975 කින් බවත් එසේම 2026 සහ 2027 යන වර්ෂ දෙකේදී ඉතුරු රු. 2275 ක මුදල සමානව එනම් රු. 1138 බැගින් වැඩි වන බව ද මහාචාර්යවරයා පිළිගත්තේය.

මේ අනුව එම රු. 8250 ක ශුද්ධ වැටුප් වැඩිවීමද රාජ්‍ය සේවකයන්ට සම්පූර්ණයෙන්ම ලැබෙන්නේ වර්ෂ 2027 ජනවාරි මාසයේ සිටය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *