මෙවර අයවැය හරහා රාජ්‍ය සේවකයන්ට ලබා දුන් වැටුප් වැඩි කිරීම ඔවුන් විසින් ආදරයෙන් ගෞරවයෙන් වැළඳගෙන ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
“සමහර කණ්ඩායම් වැටුප් වැඩි වීම ගැන විවිධ කතා කියනවා. බිලියන 110ක් වෙන් කරනවා මේ වසරට. මූලික වැටුප් වැඩිවීමක් අවශ්‍යයයි කියන තැන තමයි රාජ්‍ය සේවකයා හිටියේ. එය ලබා දිය යුතුයි.
රාජ්‍ය සේවකයා දන්නවා මූලික වැටුප වැඩි වුණාම තියන වාසිය. ඒ අය ආදරයෙන් ගෞරවයෙන් වැටුප් වැඩිවීම පිළිගෙන තියෙනවා. ඒ අය අහනවා කොහොමද මෙච්චර වැඩි කළේ මුදල් කොහෙන්ද කියලා. කවුරු මොනව කීවත් කිසි කෙනෙකුගේ වැටුප් අඩු වෙන්නේ නැහැ.”
පාර්ලිමේන්තුවේ දී අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් ඔහු මේ බව කීය.