රාජ්‍ය වියදම් පියවාගත හැකි එක ම මාර්ගය ණය ගැනීමයි..! – වසන්ත සමරසිංහ…

October 9, 2024 at 7:29 pm | by emanisa.lk

සිය ආණ්ඩුව භාණ්ඩාගාර බිල්පත් නිකුත් කළේ පරණ ණය අලුත් කිරීමට සහ රාජ්‍ය වියදම් පියවා ගැනීමට බව ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඒ සඳහා ඇති එකම මාර්ගය භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම බව ද හෙතෙම කීය.

රාජ්‍ය අවශ්‍යතාව අනුව විනිවිදභාවයෙන් යුතුව ණය ලබා ගන්නා බවත් වැඩිපුර ණය ගෙන නාස්ති නොකරන බවත් හෙතෙම කීය.

ජාතික ජන බලවේගය සිදුකරනුයේ රනිල්ලා කළ දේ නොවන නිසා ඉදිරි මහා මැතිවරණයේ දී ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමට ජනතාව කටයුතු කරන බව ද වසන්ත සමරසිංහ සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *