රාජපක්ෂ පවුල බෙල්ලෙන් අල්ලලා එළියට දාන දවස ළඟයි…! – ශානක්කියන් රාසමානික්කම්…

November 10, 2021 at 10:49 am | by emanisa.lk

මේ රටේ ජනතාව රාජපක්ෂ පවුල සහ පොදුජන පෙරමුණ බෙල්ලෙන් අල්ලා එළියට දමන යුගය වැඩි ඈතක නොවන බව ශානක්කියන් රාසමානික්කම් පවසයි.

මේ වන විට ආණ්ඩුවට එරෙහිව පාරට බැස ඇත්තේ දේශපාලකයින් නොව ජනතාව බව ද දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

තමන් පසුගිය ජනාධිතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂට ඡන්දය නොදුන් බවත් ඔහු වෙනුවෙන් පෙනී නොසිටී බවත් පවසන රාසමානික්කම්, පෙන්වා දෙන්නේ ඔහු මහ බැංකු හොරුන්, පාස්කු ප්‍රහාරකයින් බෙල්ලෙන් අල්ලා අත්අඩංගුවට ගනු ඇතැයි තමන් ද විශ්වාස කළ බවයි.

කාබනික පොහොරින් පමණක් වගා කරන ලොව පළමු රට ලංකාව බවට පත්කරන්නේ යැයි ජනාධිපතිවරයා ජාත්‍යන්තර සමුළුවලට ගොස් පැවසුව ද එය කිසිදා කළ නොහැකි බව ද ශානක්කියන් රාසමානික්කම් පැවසුවේ ඊයේ (09) පාර්ලිමේන්තුව අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *