රාජපක්ෂලා මිනිස්සු සුදු වෑන්වලින් උස්සලා කිඹුලන්ට කන්න දුන් බව තහවුරු වුණා…! – රාජිත…

December 20, 2024 at 4:10 pm | by emanisa.lk

රාජපක්ෂ පාලන සමයේ සුදු වෑන් මගින් පැහැරගත් පුද්ගලයින් මරා අතුණු බහන් කොටස් ඉවත් කර මළ සිරුරු කිඹුලන්ට කන්න දැමු කතාව සත්‍යයක් ලෙස තහවුරු වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන්ට දැනුම් දුන් බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කරයි.

එම සත්‍ය කරුණු වසන් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියෙකු ලෙස කටයුතු කර පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී තනතුරට පත් නිලධාරියෙකු සම්බන්ධ වී ඇති බවත් හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙයි.

යහපාලන සමයේ සිදුකළ අපරාධ පරීක්ෂණ අඩාල වුයේ ඇතැම් අයගේ අනවශ්‍ය කලබලය නිසා බව ද ඔහු මෙහිදී සඳහන් කර ඇත. එවක පිහිට වූ පොලිස් අපරාධ කොට්ටාශය භාරව සිටි ප්‍රධාන නිලධාරියා ද දුෂිත ක්‍රමවේදය තුළ කටයුතු කිරීම හේතුවෙන් එම පරීක්ෂණ සම්බන්ධයෙන් බරපතළ ගැටළුවක් නිර්මාණය වූ බවද ඔහු සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් රජයකට මෙම පරීක්ෂණ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කර වරදකරුවන්ට දඩුවම් පැමිණවීමට වසර පහක කාලයක් පමණක් ප්‍රමාණවත් නොවන බව ද ඔහු පෙන්වා දෙයි. අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක් වෙමින් රාජිත සේනාරත්න මේ සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *