රාජපක්ෂලා මග දෙපස ගස් වැව්වේ විරුද්ධවාදීන් හප්පලා මරන්න…අපි වවන්නේ පරිසර සුන්දරත්වය නඟා සිටුවන්න…! – නි. ඇමති ප්‍රසන්න ගුණසේන…

November 7, 2026 at 3:15 pm | by emanisa.lk

මාර්ග දෙපස ඇති රක්ෂිත ප්‍රදේශ ප්‍රයෝජනයට ගනිමින් ගස් සිටුවා පරිසරයේ සුන්දරත්වය හා ස්වභාවිකත්වය ඉහළ නැංවීමේ යෝජනාව සාධනීය යෝජනාවක් ලෙස භාරගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.

එහිදී ඔහු සඳහන් කළේ මීට පෙර පාර්ලිමේන්තුවේදී රාජපක්ෂවරුන්ට විරුද්ධව අදහස් පළකර ආපසු යන අවස්ථාවලදී මාර්ග දෙපස තිබූ ගස් අවභාවිත කරමින් අනතුරු සිදුකළ ඉතිහාසයක් ද පැවති බවයි.

ශ්‍රීපති සූරියාරච්චි හදිසි අනතුරකට ලක්වීමේ සිදුවීමද සිහිපත් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, එවැනි අවභාවිතයන්ට ඉඩ සැලසූ බාධක මේ වන විට ඉවත් කර ඇති බැවින් යෝජනාව සාධනීයව භාරගත හැකි බවද ප්‍රකාශ කරයි.

මෙම යෝජනාව සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමඟ සාකච්ඡා කළ අවස්ථාවේදී ඔවුන් විසින් ඇතැම් ප්‍රායෝගික අපහසුතා සහ වැඩ කටයුතු පිළිබඳව පෙන්වා දුන්නද, වත්මන් සමාජීය හා සංවර්ධන දෘෂ්ටිකෝණයෙන් බලන විට මෙය අත්‍යවශ්‍ය මෙන්ම වැදගත් පියවරක් බව ඔහු අවධාරණය කරයි.

තවද, තම පක්ෂයේ නිර්මාතෘවරයා දසක ගණනාවකට පෙර මධ්‍යම කඳුකරයේ පරිසරය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනා සිහිපත් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, වර්තමාන යෝජනාව ද එම බරපතලකමින් හා වගකීමෙන් යුතුව ක්‍රියාත්මක කිරීමට සූදානම් බව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස