රාගම වෛද්‍ය සිසු ගැටුමට ඇමැතිගේ ගෝළයොත් එති…! නිල රථය සහ රියදුරු අත්අඩංගුවට..!

February 2, 2022 at 12:28 pm | by emanisa.lk

රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ අද (02) අලුයම සිදු වූ ගැටුමකින් වෛද්‍ය සිසුන් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

තුවාල ලැබූ වෛද්‍ය ශිෂ්‍යයින්ගෙන් තිදෙනකු උතුරු කොළඹ ශීක්ෂණ රෝහලටත් එක් අයෙක් මීගමුව දිස්ත‍්‍රික් රෝහලටත් ඇතුලත් කර ඇතැයි පොලිසිය පවසයි.

ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ගැටුමකදී එක් කණ්ඩායමක සහාය දැක්වීම සඳහා පිටස්තර පුද්ගලයන් 15 දෙනකු පමණ පැමැණ ඇතැයි ආරංචි මාර්ග පවසයි.

එසේ පිටතින් පැමිණි පිරිස අතර සිටි රාජ්‍ය අමාත්‍යවරයකුගේ රියදුරු බව කියන පුද්ගලයකු සහ නිල රථයක් රාගම පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති අතර එසේ පැමිණි සෙසු වාහනය පිළිබඳව වැඩි දුර පරීක්ෂණ සිදුකරන බව පොලිසිය පවසයි. පිටතින් ආ පිරිස රජයේ ප්‍රබලයකුගේ ආධාර කරුවන් බව ද ආරංචි මාර්ග පවසයි .

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *