රසායනික වගාවටත් වඩා සරු කාබනික ලොකු ලූණු වගාවක් මහවැලියෙන්…..!

July 24, 2021 at 5:39 pm | by emanisa.lk

මහවැලි කලාපයට අයත් මඩාටුගම කුඩා ඇලගමුව ප්‍රදේශයේ ජේ.එම් .කේ. වික්‍රමසිංහ කාබනික පොහොර යොදා සාර්ථක ලෙස ලොකු ලූණු වගාවක් සිදුකරන බව වාර්තා වෙයි.

තමන් දේශීය ලොකු ලූනු වගාවට අමතරවව කහ සහ ඉගුරු වගාව ද සියයට සියයක් කාබනික පොහොර යටතේ වගා කරන බව ඔහු සඳහන් කරයි.

තම දේශීය ලොකු ලූනු වගා බිම් ලියදි හතරක් හැර අන් සියල්ල කාබනික පොහොර යටතේ වගා කළ ඔහු ලියදි හතරක් රසායනික පොහොර යොදා වගා කර තිබේ.

දැනට තම කාබනික වගා බිම් ඉතා සාර්ථකව ලොකු ලුනු පැල පවතින බවත් රසායනික පොහොර යොදා වගා කරන බිමට වඩා සරුසාර පෙනුමක් කාබනික ලූනු වගාවෙහි තුළ දැකගත හැකි බවත් ඔහු පවසයි.

දැනට වගාවෙහි තණකොළ ගලවා දැමීම සිදුකරන බව ද ඒ සඳහා පරිසර හිතකාමී ක්‍රමවේදයක් හඳුන්වා දීම වැදගත් බවත් ජේ.එම් .කේ. වික්‍රමසිංහ වැඩි දුරටත් පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *